Spread the love

හමුදා සාමාජිකයින් හට නිත්‍යාණුකුලව සේවයෙන් ඉවත්වීමට ලබා දිි තිබු පොදු සමා කාලයේදී යුද හමුදා සාමාජිකයින් 15,667ක් නීත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත් වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි . පොදු සමා කාලය ඊයෙන් අවසන් විය.

2023 දෙසැම්බර් 31 වන දින සහ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන ලද යුද හමුදා සමාජිකයින් සඳහා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත්කර තිබිණ.

මේ අතර ඉහත කාලසීමාව තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදේශ ගතව සිටින යුද හමුදා සමාජිකයින් 373 දෙනෙකු සඳහා ද නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත්වීමට කටයුතු සලසාදී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව වැඩිදුරටත් පැවසුවේය.