Spread the love

පොදු ප්‍රවාහන සේවාවට බාධා පමුණුවන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවා බිඳ වට්ටන සහ එම සේවා කඩාකප්පල් කිරීමට කිසිදු පුද්ගලයකුට ඉඩ නොතබන බවයි නියෝජ්‍ය ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කළේ.

පසුගිය 24 වැනිදා ගාල්ල – මාතර බස් රියදුරෙකුට පහරදීමේ සිදුවීමත් සමග අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එම පහරදීම සිදු කළ හා එයට අනුබල දුන් ලොරි රථ රියදුරාට සහ ත්‍රිරෝද රථ රියදුරාට නීතිය දැඩිව ක්‍රියත්මක කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.