තුන්වන චාර්ල්ස් රජුගේ ප්‍රධානත්වයෙන් පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායක සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගිවී ඇත..
එම සමුළුව එංගලන්තයේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී තරුණ සහභාගීත්වය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහය දැක්වීමේදී පොදුරාජ්‍ය මණ්ඩලයේ වැදගත්කම පෙන්වාදුන් ජනාධිපතිවරයා ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස එහිදී ඉල්ලීමක්ද කර තිබෙනවා.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝානා ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක්වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. සමුළුවට සමගාමීව පැවැත්වූ වැඩසටහනකට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද සහභාගී වී තිබෙනවා.