Spread the love

නිමල් රාජපක්ෂ-
පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය 2026 වසර අවසන් වීමට පෙර නිම කරන බව ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ජනතාවට සිදුවන අපහසු තා අවම කීරිමේ අරමුණ ඇතිව මෙම තීරණය ගෙන ඇති අතර මෙම අධිවේගි මාර්ගයේ සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීමට පියවර ගන්නා ලෙස අදාල සමාගම් වලට හා මාර්ග සංවර්ධන අධිකාරීයට (RDA ) උපදෙස් ලබාදි තිබේ.

ඇමතිවරයා මෙසේ පැවසුවේ අදාල අධිවේගී මාර්ගයේ අද දිනයේ නිරික්ෂණ චාරකාවකට නිතර වු අවස්ථාවේදීය මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාද එක්වුහ.

තව දුරටත් අදහස් දැක්වු ඇමතිවරයා ඉදිකිරීම් සමාගම්වල සේවකයින්ගේ සුභසාධනයට කටයුතු කරන ලෙස ද උදෙස් දුන් බිමල් රත්නායන ආමාත්‍යවරයා මෙවර ජා.ජ.බ. මංගල අයවැය සම්මත විමත් සමඟ සියලුම සංවර්ධන කටයුතු නඩිනම් කෙරෙමින් යන බව පැවසී ය.
මේ අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ නලධාරීහු ද ව්‍යාපෘති ඉංජිනේරුවරු ද සහභාගී වූහ.