Spread the love

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 25 වැනි වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) සිට ඔක්තෝබර් 06 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම ප්‍රදර්ශනය පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සඳහන් කළේ.