Spread the love

ජනාධිපතිවරණය නිසි පරිදි පැවැත්වේද නැතහොත් අධිකරණමය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් එය කල් යාවිද යන්න පැවසීම මේ මොහොතේ සිදු කළ නොහැකි බව ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.

ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති පසුබිමක ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වූ පමණින් එහි තීන්දුව ලැබෙන තුරු කිසිවක් තීරණය නොවන බව පැවසීය.

ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමා වන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ (03) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි.

අදාළ පෙත්සම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් සිදුකළ සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දිනවකවානු සම්බන්ධයෙන් අපැහැදිලිතාවක් නිර්මාණය වී තිබෙන බවයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තේරී පත්වන ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06ක් බව සඳහන් කර තිබුණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයේ 03වන පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 – දෙක වගන්තිය සංශෝධනය කර තිබෙ.

එසේ සඳහන් වුවද එතුළින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05න්ද එසේත් නැත්නම් 06න්ද යන කරුණ සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී තිබෙන බව පෙත්සම්කරු සඳහන් කර තිබේ.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කරගනු ලැබුවේය.

ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වී ජනාධිපතිවරණය පැවැත්විය යුතු දින සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ගැටලුකාරී තත්ත්වයක් මතු වී ඇති බව පෙත්සම්කරු පවසා තිබේ.

දැනට පවතින ආණ්ඩුක්‍රම විවස්තාව ප්‍රකාරව ලබන 17 වැනිදායින් පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය හිමිවන බව වැඩිදුරටත් පැවසීය.