Spread the love

පෙට්‍රල් මිල අඩු වුවද ත්‍රීරෝද රථ ගාස්තුවේ කිසිඳු අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසයි.

ස්ථාවර වියදම් හා සෙසු සියලු වියදම් වැඩිවී ඇති බවත් . ආණ්ඩුව ගාස්තු සමාලෝචන කමිටුවක් මඟින් ත්‍රීරෝද රථවල ගාස්තුව සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් මැදිහත් විය යුතු බවයි.

ගාස්තු අඩු කිරීමට හැකි ආකාරයෙන් ඉන්ධන මිල පහත දමා නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.