Spread the love

මුල්කිරිගල – ගුණරත්න

කටුවන ශ්‍රි විහාරය ,නාකදවල පුරාණ විහාරය යන විහාරද්වයෙහි උභය විහාරාධිපති ශ්‍යාමෝපාලී මහා වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ කර්මවාගාචාර්ය ,විශ්‍රාමික පාඨශාලාචාර්ය ,ගෞරව ශාස්ත්‍රවේදී අති පූජ්‍ය කටුවන හේමාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවුරුදු 90 ක් ආයු වළදා අපවත් වූ සේක.

1949 වසරේදී පැවිදි දිවියට පත් උන්වහන්සේ කටුවන ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි වරයෙකු ලෙස කටයුතු කරමින් කටුවන ප්‍රදේශය පුරා සුවිශාල ආගමික සමාජයීය මෙහෙවරක් සිදුකල මහා යතිවරයෙකි. අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේ ගේ ආදාහන පූජෝත්සවය (11) විහාරස්ථ ආදාහන මළුවේදී සිදුකෙරේ .