Spread the love

අවුරුදු උත්සවයකදී පුතුගේ සහායට ගිය පියකු අවාසනාවන්ත ලෙස මිය ගිය පුවතක් පැල්මඩුල්ල ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

පැල්මඩුල්ල බටලන්ද ප්‍රදේශයේ පැවති මෙම අවුරුදු උත්සවයේ ගම හරහා දිවීමේ තරගය සඳහා සහභාගී වූ පුතු දිරිමත් කිරීමට එක්වූ 60 හැවිරිදි පියෙකු මෙලෙස මියගොස් තිබේ.

එහිදී එක්වරම 60 හැවිරිදි වියේ පසුවූ පියා ක්ලාන්ත වී ඇදවැටීමෙන් අනතුරුව පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි..

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.