Spread the love

.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේද වසා තබන බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින ජල ගැලීම් තත්ත්වය ඊට හේතුවී තිබේ.

පවතින අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයටයි.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අද (20) දිනයේ ද පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා දැමිණි.