Spread the love

ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමු කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා .

එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ඉල්ලා රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකළ ඉල්ලීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පසුගිය සිකුරාදා නිවේදනය කලේ අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදන දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත නිකුත් කර ඇති බවයි .

මේ අතර ඊයේ දිනයේදීත් මැතිවරණය සම්බන්ධයෙන් විවිධ අදහස් පල වුණා .

මේ මාධ්‍ය වෙත එලෙස අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහා ලේකම් සරත් ඒකනායක ,විපක්ෂ නායක / සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ,ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් .