
නිමල් රාජපක්ෂ-
ගල්ඔය දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.00 ට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ අංක 4790 දරණ මිශ්‍ර දුම්රිය අද( 07) දින දහවල් ගල්ඔය හා කන්තලේ දුම්රිය ස්ථාන අතර ,අග්බෝපුර උප දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලී පැනීමෙන් ප්‍රධාන නියාමක හා උපනියාමක ඇතුළුව 16 කට තුවාල ලබා ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

.
පාර්සල් ප්‍රවාහනය කරන මැදිරියක් හා තවත් එක් මැදිරියක් පිලී පැනීමකට ලක්ව ඇති අතර, නියාමක තිරිංග මැදිරිය මෙම පීලී පැනීම හරහා පෙරලී ඇත.

එම දුම්රියේ ප්‍රධාන නියාමක හා උප නියාමක ඇතුලු කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර ප්‍රථිකාර සදහා රෝහල් ගත කර ඇතැයිද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.