Spread the love

පියෙකු තම දරු තිදෙනාට වස පොවා තමන්ද වස පානය කිරීමෙන් පසු අසාධ්‍ය වී ගම්පහ ශික්ෂණ රෝහලට සිව්දෙනාම ඇතුළත් කර තිබේ.

ගම්පොළ දැල්පිටිය සෙවන ජනපදයේ හතලිස් හැවිරිදි පදිංචි පියකු විසින් මෙසේ වස පොවා ඇත්තේ වයස අවුරුදු හතරක් වූ පිරිමි දරුවකු දහතුනක් හා හතක් වයස වන ගැහැණු දරුවන් දෙදෙනෙකුට බව පොලිසිය කියයි.

අඹුසැමියන් අතර දීර්ඝ කාලයක සිට පැවති පවුල් ආරවුලක් මත මෙම වස දීම සිදුකර ගෙන ඇතැයි පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

බිරිඳ නිවසෙන් පිටව ගොස් ඇති අතර පියා සමග මෙම දරුවන් තිදෙනා නිවසේ සිට ඇත.