Spread the love

අරණායක පොලිස් බල ප‍්‍රදේශයට අයත් පුනාපොකුණ, දුල්දෙනිය, ගම්මානයේ පියෙකු විසින් තම පුතණුවන්ට සිදු කරන ලද පිහි ඇනුමකින් එම තරුණ පුතණුවන් රෝහල් ගත කිරීමෙන් පසුව මිය යෑමේ සිදු විමක් අද 12 වාර්තා විය.

මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 29 ක් වන නමින් අමිත් ප‍්‍රසාද් හේමචන්ද්‍ර නම් තරුණයෙකි. ඝාතනය සිදු කර ඇත්තේ වයස අවුරුදු 61 ක් වන සිය පියා විසින්ය. පොලිසිය පවසන්නේ මිය ගිය තරුණයා තදින් මත්ද්‍රව්‍ය භාවිතයට සහ හොරකම් යනආදිය සිදු කරන පුද්ගලයෙකු වන බවයි.

ඝාතනයට ලක් වු තරුණයා විසින් මුදල් ඉල්ලා දෙමාපියන්ට නිරන්තයෙන් කරදර සිදු කරන අතර සමහර අවස්ථා වලදි ඔවුන්ට පහර දීමට පවා තැත් කරන අතර මෙම කරදර බාධක කාලයක් තිස්සේ ඉවසා දරා සිටින අතරවාරයේදි මිය යෑමට පැය කිහිපයකට කලින් සිය මවට හිරිහැර සහ වදහිංසා දෙමින් සිදු කරන ලද හිංසනයන් ඉවසා ගැනීමට නොහැකි විම නිසා සිය පියා විසින් මෙම තරුණයාට පිහි ඇණුම සිදු කර ඇත.

මරණය සිදු වු ස්ථානයේ මරණ පරික්ෂය වැඩ බලන මහේස්ත‍්‍රාත් ගලගම මහතා පැමිණ සිදු කර දේහය වැඩි දුර පරික්ෂණ සඳහා කෑගල්ල මහා රෝහල වෙත රැගෙන යන ලදි.