Spread the love


නිමල් රාජපක්ෂ-

දිවයිනේ උසින් වැඩිම සහ අංශක බිංදුව ‍පිහිටා ඇති පිදුරුතලාගල කදු ප්‍රදේශය නැවත සංචාරකයින් සදහා විවෘත කිරීම සිදු කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

මේ බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගිවු අවස්ථාවේදීය. සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා ද සහභාගිවුහ.
විවිධ පහසුකම් සහිතව සංචාරකයින් සදහා විවෘතව පැවති පිදුරුතලාගල කදු ප්‍රදේශය අධ්‍යාපනික මෙන්ම සංචාරක වශයෙන් ඉහල වටිනාකමක් උසුලනු ඇත. එය ජනතාවට තහනම් කලාපයක් ලෙස දිගින් දිගටම පවත්වා ගැනීමට නුසුදුසු බව සදහන් කළේය.
එමෙන්ම නුවරඑළිය සදතැන්න සංචාරක කලාපයේ හිරු උදාව නිරීක්ෂණය කිරීමට ද දෙස් විදෙස් සංචාරකයින් ‍ප්‍රියතාවයක් දක්වන බැවින් ඒ සදහා ද අවස්ථාවක් ලබාදීම සිදු කළ යුතු බවත්, ඉහල සංචාරක ආකර්ශනයක් සහිත ස්ථානයන් සුදුසු ක්‍රමවේදයන් යටතේ ජනතාවට විවෘත කිරීම සහ ඒ ආශ්‍රිත සුදුසු පරිදි සංචාරක කර්මාන්ත නගාසිටුවීම කාලීන අවශ්‍යතාවයක් බවත් මෙහිදී පැවසුවේය.