Spread the love

පිටිගල පෝද්දිවල මරක්ගොඩ ප්‍රදෙශයේ මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා ගෝඩා තොගයක් සමගින් සැකකරුවකු පිටිගල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු රක්ෂිතය තුළ ඉතාරහසිගතව මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර දැඩි දුෂ්කතා මධ්‍යයේ ගොස් මත්පැන් නිෂ්පාදනාගාරය කොටු කරගෙන ගැනීමට පොලිස් නිලධාරීන් සමත්වි ඇත.

අත්අඩංගවට ගත් මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබී ගෝඩා මිලි ලීටර් 1095000 විනාස කළ අතර එහි තිබු බැරල් දගර හා මත්පැන් නිෂ්පාදනය සදහා උපයෝගි තරගත් උපකරණ සියල්ල සෙයාගැනීමට පිටිගල පොලිසිය සමත්වි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ඇල්පිිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය පිළිබද පිටිගල පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.