Spread the love

කොළඹ පැල්පත් නිවාසවල පදිංචිකරුවන්ට නිවාස ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා පැවසීය.

කොළඹ වතු 26ක පුද්ගලයින් 61000 කට අධික පිරිසක් ජීවත් වන බව පැවසීය.

ඔවුන්ට නිවාස ලබා දීම සඳහා නව යෝජනාවක් පසුගිය දා ඉදිරිපත් කළ අයවැයේදි සම්මත වූ බව එහිදී පැවසීය.

මේ යටතේ වතුවල ජීවත්වන පැල්පත්වාසීන්ට දෙස් විදෙස් ආයෝජකයින් විසින් නිවාස ඉදිකිරීමට නියමිතයි.

මේ යටතේ වතුවල ජීවත්වන පැල්පත්වාසීන්ට දෙස් විදෙස් ආයෝජකයින් විසින් නිවාස ඉදිකිරීමට නියමිතයි.

ඔවුන් ඒවායේ පදිංචි කරවීමෙන් අනතුරුව වතුවල ඉතිරි වන ඉඩ ප්‍රමාණය අයෝජකයින් සඳහා ආයෝජන ව්‍යාපෘතිවලට ලබාදෙන බව ලේකම්වරයා පැවසීය.

ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින්ගේ යෝජනා භාර ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව වැඩිදුරටත් පැවසීය.