Spread the love

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එහිදී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බව පැවසූ ජනාධිපතිවරයා නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කටයුතු කරන බවයි ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (14) පෙරවරුවේ එක් වෙමින් සඳහන් කළේ.

වැවිලි ක්ෂේත්‍රයට අවශ්‍ය නව නිපුණතාවලින් හෙබි උපාධිධාරීන් බිහි කිරීම වෙනුවෙන් සහ තරුණ තරුණියන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ස්ථාපිත කර ඇත.