නිමල් රාජපක්ෂ –
කොම්පඤ්ඤවීදිය කොල්ලුපිටිය බම්බලපිටිය යන දුම්රිය ස්ථාන තුනෙහි පැය තුනක ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදී දුම්රියේ හොරට ගමන්කළ මගීන් කොටුකර රුපියල් තුන්ලක්ෂ හැටපන්දහසක දඩ ආදායමක් රජයට ලබාදීමට දුම්රිය ආරක්ෂක නිලධරීන් සමත්වි ඇත.
මෙම සෝදිසි මෙහෙයුම දියත්කොට ඇත්තේ පසුගිය(28) සිකුරාදායි.
අදාල දුම්රිය ස්ථාන තුනෙහි පෙරවරු 6.00 සිට 9.00 දක්වා පැයතුනක කාලයක් සිදුකළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි කිසිදු ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් බැසයන මගීන් 135 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් මගීන්ගෙන් 70 දෙනෙකුම කාන්තාවන් බවද දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි
අත්අඩංගුවට ගත් මගීන් 115 දෙනෙකුගෙන් ඒ මෙහොතේම රුපියල් 3 65000/ ක දඩ මුදලක් අයකර ගැනීමට හැකිවී තිබේ. ඉතිරි මගීන් 20 දෙනෙකු ඒ මොහොතේ දඩ ගෙවීමට මුදල් නොමැති කමින් ඇපකර තබා ගොස් ඇතැයිද කොටුව මෙහෙයුම් ඒකකයේ සැරයන් ප්‍රියන්ත මහතා පවසයි.
මගීන් විශාල පිරිසක් දුම්රියේ හොරට ගමන් කරන බැවින් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාගේ උපදෙස් මත දිගින් දිගටම ප්‍රවේශපත්‍ර පරික්ෂාවන් සිදු කරන අතර අත්අඩංගුවට ගන්නා කිසිදු මගියකුට සමාවක් නොදෙන බවද දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාගේ උපදෙස් මත, දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණයෙන් , සහකාර අධිකාරීවරන්වන කරුණානායක , ජයන්ත යනමහත්වරුන් ගේ මෙහෙයවීමෙන් කොටුව මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සිසුල් ප්‍රේමරත්න හා දුම්රිය ස්ථානාධිපතිවරුන්වන අසේල විජේරත්න, එස් .විජේරත්ත , කුමාරසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරින් හා නිලධාරීනියන් ද , දුම්රිය ආරක්ෂක සේවයට බදවා ගත් නවක නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් මෙම වැටලිම සිදු කළහ.