Spread the love

යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 952ක් අත්අඩංගුවට ගෙන ඇත

ඉන් සැකකරුවන් 11ක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 10 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 29 දෙනෙකු ඊයේ (14) අලුයම සිට අද (15) අලුයම දක්වා සිදුකළ මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී හෙරොයින්  276g ක්, අයිස් 2kg  98g ක් හා මත්පෙති 4,310 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන්