Spread the love

දීප ව්‍යාප්තව සිදු කරන “යුක්තිය”මෙහෙයුමේදී මධ්‍යම රාත්‍රී 12.30 අවසන්වූ ගතවූ පැය 24 තුල පුද්ගලයන් 1024 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ඉන් පුද්ගලයන් 325 දෙනෙකු අපරාධකරුවන්ගෙ ලැයිස්තු ගත පුද්ගලයන් වෙයි.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 699 දෙනෙකු ද එම කාලය තුළ අත්තඩංගුවට ගෙන තිබේ.
එහිදී පුද්ගලයන් 13 දෙනෙකු සම්බන්ධයෙන් රැදව්ම් නියෝග මත විමර්ශන සිදුකරයි.
ගතවූ පැය 24 තුළ සිදුකර වැටලීම් වලදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 08 දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමුකර ඇතිබව එම අමාත්‍යංශය සදහන් කරයි.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ සහ විශේෂ කාර්‍යංශයේ ලේඛන ගත සැකකරුවන්ගෙන් 45 දෙනෙකු එම මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇතිබව එම අමාත්‍යංශය පවසයි.
විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරෙන්තු ලැබූ සැකකරුවන් 92 සහ බල අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 11 එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම මෙහෙයුම් වලදී හෙරොයින් 227g,ගංජා 08kg40g, අයිස් 168g සහ මත්පෙති 647 ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය රැසක් සොයා ගෙන ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.