Spread the love

ඊයේ දිනයේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහභාගී වූ රැස්වීමක් අතරතුර විදුලිය විසන්ධි වීමක් සිදුවිය.

යාපනය ප‍්‍රදේශයේදී පැවති මෙම හමුවේදී ඇමතිවරයා පැවසුයේ යාපනය ප‍්‍රදේශයට පැය 24 පුරාම විදුලිය ලබා දෙන බවට සහතික වන බවයි.

ඔහු සිය කතාව අවසන් කර ටික වේලාවකට පසු විදුලිය විසන්ධි වීම සිදුවිය.

ඉන් රැුස්වීමට සුළු වේලාවක් බාධා ඇති වූ අතර විදුලිය යථා තත්ත්වයට පත් කරන ලදී.