Spread the love

පොලීසිය මාධ්‍ය සංදර්ශන දැක්වමින් ප්‍රකාශ ලබා ගැනීම හරහා අදාළ සැකකරුගේ ජීවිතයද අවධානමට ලක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

පොලීසියට කට උත්තරයක් ලබා ගැනීමට ක්‍රමවේදයක් ඇති බවයි අද (12) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව අදාළ සැකකරු විසින් එම ප්‍රකාශය මාධ්‍ය ඉදිරියේ ලබාදීම හරහා පැටී නැමති පුද්ගලයාගේ ගොදුරක් ලෙස අදාළ සැකකරු පත්විය හැකි බවද ඔහු ෙපෙන්වා දෙයි.

වෙඩි තබන දර්ශන සහ මෘත ශරීරයේ ඡායාරූප මාධ්‍ය මඟින් විකාශය කිරීම නිසා සමාජයම භීතියට පත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් සඳහන් කළේ.