Spread the love

පාසැල් දරුවන් සඳහා ලබාදෙන සපත්තු වව්චර් පත් දෙසැම්බර් 04 වැනිදා සිට ලබාදීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි

මෙම වවුචර් පත් ලබාදෙන්නේ දුෂ්කර, අති දුෂ්කර හා හුදකලා පාසැල් යන වර්ගීකරණයට අයත් පාසැල් වල දරුවන්ට බව ද ඔහු පැවසුවේය.

ඒ අනුව, පාසැල් දරුවන් හත් ලක්ෂ හතලිස් හත් දහසක් (747,000) සඳහා සපත්තු වවුචර් ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.