Spread the love

එක්දින සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර සේවා සඳහා ටෝකන් පත් නිකුත් කරනු ලබන්නේ අප්‍රේල් 15, 16 සහ 17 යන දිනවල දහවල් 12 දක්වා පමණක් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ මහජනතාව සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක වන එක්දින විදේශ ගමන් බලපත්‍ර සේවාව එම දිනවල ක්‍රියාත්මක නොවන බවය.