Spread the love

හරියක්ම ගෙවල් ගිනි තිබ්බේ ගම්පහ. මිනුවන්ගොඩ ආසනයේ ගෙවල් 13ක් ගිනි තිබ්බා. ඔවුන් ඒ හැමදේම කළේ අපිව ජනතාවගෙන් ඈත් කරන්නයි. ඔවුන් තේරුම් ගත්තේ නෑ අපිව තලන්න තලන්න තමයි මුවහත් වෙන්නේ කියලා. සංචාරකයෝ දැන් වැඩි වශයෙන් ලංකාවට එනවා. දැන් විරෝධතා, උද්ඝෝෂණ පවත්වනවා. ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනකොට ඒකත් කඩා කප්පල් කරන්න හදයි. ජනතා විමුක්ති පෙරමුණ ගමේ වැඩක් කරන්න දෙන්නෙත් නෑ. ඔවුන් කරන්නෙත් නෑ. ඔවුන් කටයුතු කරන්නේ සමාජ වෛරක්කාරයෝ විදියටයි. මලකඩ කාපු දේශපාලන කරන්න එපා. රට ගැන හිතලා වැඩකරන්න කියලා මම අනුර කුමාර කියනවා.

මගේ දේශපාලන මතයට අනුව රනිල් වික්‍රමසිංහ මහත්තයා නිර්පාක්ෂිකයෙක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයට එන්න ඕනි. අපි ඔක්කොම එකතු වෙලා එතුමට උදව් කරන්න ඕනේ. එදා අපි මහින්ද මහත්තයව දිනෙව්වේ යුද්ධය ඉවර, බයක් සැකක් නැතුව සාමයෙන් මේ රටේ ජීවත් වෙන්න වතාවරණය හදන්නයි. අපි ජාතික නායකයෝ තොරනකොට ජාතික ප්‍රශ්නයක් ඉල්ලක කරගෙනයි තෝරා ගත්තේ. යුද්ධය ඉවර වුණාම යටිතල පහසුකම් හදලා රට සංවර්ධනය කරන්න මහින්ද මහත්තයව මිනිස්සු තෝරා ගත්තා. රට සිස්ටම් එකකට ගේන්න යහපාලනයක් ඇති කරන්න කියලා මිනිස්සු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තෝර ගත්තා. මම එදා ඔහුට විරුද්ධව කටයුතු කළ කෙනෙක්. ඔහු වැඩ කළාද නැද්ද කියලා මිනිස්සු තීන්දු කරන්න ඕනේ. පාස්කු ප්‍රහාරය එක්ක, ජාතික ආරක්ෂාව කඩන් වැටෙන කොට තමයි ගෝඨාභය මහත්තයව ගෙනාවා. පාස්කු ප්‍රහාරය කළේ අපි කියලා අද අපිට චෝදනා කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ ඊබ්‍රහීම් කියන මනුස්සයයි එයාගේ පුත්තු තුන්දෙනා එකතු වෙලා බෝම්බ තිබ්බේ. පුත්තු තුන්දෙනාම ජවිපෙ බල මණ්ඩලවල හිටපු අයයි. ගෝඨභාය දිනවන්නද ජවිපෙ කතෝලික මිනිස්සුව මැරුවේ කියල මම ජනතා විමුක්ති පෙරමුණේන අහනවා.