Spread the love

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල කරන අගරදගුරුතුමන් එම ප්‍රහාරයට ලක්වූවන්ට බෙදා දීම සඳහා විවිධ දානපතියන් ලබාදුන් ආධාර මෙතෙක් කිසිවක් බෙදාදීන් නැතැයි හිතපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

උත්සව සභාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මෙම චෝදනාව කළේය.

‘මම ගිනස් පොතට ගිහින් තියෙන්නේ නඩු 400 ගණනක් තිබෙන නිසා. කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ණඩු 400 ගාණක් දැම්මා. මැරිච්ච අයට එක නඩුවයි අතපය කැඩිච්ච අයට එක නඩුවයි… වන්දි ගෙවන්න කියලා. නමුත් මම ජනාධිපතිවරයා කාළේ ඒ හැම කෙනෙකුටම පැහැදිලිවම මම වන්දි ගෙව්වා.”

කතෝලික සංවිධාන, ලෝකයේ රටවල්වලින්, විවිධ සංවිධානවලින්, ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ආදී නොයෙකුත් අය කාදිනල් හිමිට පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සල්ලි දුන්නා. ඒ අය දුන්න සල්ලිවලට මොකද වුණේ කියලා කරුණාකරලා කාදිනල් හිමි ඉදිරිපත් කරනවා නම් හොඳයි… නාමලේඛනයක්. මෙන්න මට ලැබුණු සල්ල… මෙන්ම මම දුන්නා කියලා. ඒ සත පහක් වින්දිතයින්ට දුන්නේ නෑ. මම ආණ්ඩුවෙන් සල්ලි ගෙවලත් ජනාධිපති කාළේ මට නඩු දාලා තියෙනවා මට වන්දි ගෙන්නයි කියලා’