පාස්කු ඉරිදා ප්‍රහාරයට ලබන සඳුදාට (21දා) වසර හයක් සම්පුර්ණ වේ. ඒ නිමිත්තෙන් කොටහේන සාන්ත ලුසියා ආසන දෙව් මැඳුරෙන් පෙරවරු 7.00ට ආරම්භ කෙරෙන පාගමන කොච්චිකඩේ සා. අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානය වෙත ගමන් කෙරේ.
උදෑසන 8.30 ට කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අග රදගුරුතුමා, සර්ව ආගමික නායකයන්, තානාපතිවරුන් සහ වින්දිතයන්ගේ සහභාගිත්වයෙන් 06 වන සැමරුම පැවැත්වේ.
(උදෑසන 8.45 ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීම සහ මිනිත්තු 02 නිශ්ශබ්දතාව රැකීම) එම සිහිපත් කිරීමේ වැඩසටහන උදෑසන 10.30 පමණ වන තෙක් පැවැත්වේ.