Spread the love

මුල්කිරිගල , ගුණරත්න
හුංගම ,බටඅත උතුර ප්‍රාථමික විදුහලේ විදුහල්පති කාර්යාලය බිද එහි තිබූ රුපියල් 5,80000 (පන්ලක්ෂ අසූදහසක් ) වටිනා පරිගණක තුනක් හා මුදල් රුපියල් 10000 ක් සොරාගෙන ගොස් තිබේ.

සිද්ධය පිළිබදව 11 දා සවස 2.45 ත් (12) උදේ 6.45 ත් අතර කාලය තුල මෙම සොරකම සිදුකර ඇතැයි පොලිසිය ට පැමිණිලි කර තිබේ.
විදුහල්පති කාමරයේ වානේ කබඩ් එකක තිබූ රුපියල් 80000 ක් පමණ වටිනා ලැප්ටොප් එකක් සහ භාවිතා නොකල රුපියල් ලක්ෂ පහක් වටිනා පරිගණක දෙකක් සොරාගෙන ඇතැයි පොලිසිය පවසයි .
විදුහල්පති ලාලනී වීරවර්ණ මහත්මිය සොරකම පිලිබදව හුංගම පොලිසියට පැමිණිලි කර තිබේ .
හුංගම පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .