Spread the love

හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් ලෙදන්ටි වතුයායේ මාල්බ්‍රෝ කොටසේ පදිංචිව සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවස තුල ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව හැටන් පොලිසිය පැවසිය.

මෙසේ සියදිවි හානි කරගෙන ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් පැන්මුර් දමිල මහා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ආර්.කොබි හර්ෂන් නැමති පාසල් සිසුවෙකි.

මියගිය සිසුවාගේ මව , සොහොයුරා සහ සොහොයුරිය සමග (30) දින පස්වරුවේ එම වතුයායේ කොවිලේ පැවති උත්සවයකට සහභාගි විමට ගොස් එදින රාත්‍රි 9ට පමණ නැවති නිවසට පැමිණෙන විට පාසල් සිසුවා නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේ පිහිටි කාමරයක එල්ලි සියදිවි හානිකරගෙන ඇති බවට සිදු කරන ලද මුලික විමර්ෂණ කටයුතු වලදි අනාවරණය වු බව හැටන් පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර , සියදිවි හානි කර ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.