Spread the love

අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ ආරම්භ කෙරේ.
පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන්ට මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතව ඇත.

කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණු අතර අනෙකුත් දිස්ත්‍රික්ක 24ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීම මෙලෙස අද සිට දීප ව්‍යාප්තව සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය අද සහ එළෙඹෙන 15 වනදා සිදු කෙරෙන අතර, බදුල්ල, මාතලේ සහ යාපනය දිස්ත්‍රික්කවල ජුලි 13 වන දින ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජූලි 14 වන දින ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ජූලි 16 සහ 17 යන දිනයන්හිදී ද සිදුකෙරෙනු ඇති.

ගාල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල දරුවන් සඳහා ජූලි 15 දින ද, වවුනියාව, මඩකලපුව, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල ජුලි 16 දින ද, ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කිරීමට නියමිතය.