Spread the love


නිමල් රාජපක්ෂ-

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් දරු දැරියන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් වැඩි දියුණු කිරීමේ අරමුණින් රුපියල් මිලියන 4.8 ක මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන ඇත.


පොලොන්නරුව රාජකීය විදුහලේ ආදිශිෂ්‍ය සංගමයේ ඉල්ලීමකට අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් දරු දැරියන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් වැඩි දියුණු කිරීමේ අරමුණින් මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම ඊයේ (11) පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ දී සිදුවිය.
ඒ අනුව පොලොන්නරුව රාජකීය විද්‍යාලය කේන්ද්‍රකරගනිමින් ඒ අවට පාසල්හි දරු දැරියන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව එම විද්‍යාලයේ ක්‍රීඩා පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 03 ක මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගෙන ඇත.

වීඩියෝව නරඹන්න subscribe කරන්න


මි ට අමතරව තෝපාවැව ජාතික පාසලේ ක්‍රීඩාංගණය රාත්‍රී කාලයේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් භාවිතා කිරීමට විදුලි ආලෝකකරනය හා ආරක්ෂිත වැට සකස් කිරීම සදහා එම විද්‍යාලයට රුපියල් මිලියන 1.8 ක මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලදි.
මෙම මූල්‍ය ප්‍රතිපාදන භාර ගැනීම සඳහා විදුහල් දෙකෙහි විදුහල්පතිවරු සහ ආදිශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් පැමිණ සිටියහ.