Spread the love

නිමල් රාජපක්ෂ

නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට දෙමටගොඩ හා මරදාන දුම්රිය ස්ථාන අතර දී පාසල් නිල ඇඳුමෙන් සිටි පාසල් ළමයෙකු අද දහවල් 2.30ට පමණ දුම්රියට පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අනතුරට ලක්වු පාසල් දරුවා කඩිනමින් කොළඹ ජාතික රෝහලවෙත ප්‍රතිකාර සදහා ඇතුළු කර තිබේ.

අනතුරට පත්වු අය හදුනා ගැනීමට මෙතෙක් කිසිඳු ලේඛණයක් නොමැති අතර ඔහු පැලද සිටි ටයි පටිය පමණක් තිබෙන බවද දුම්රිය දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.