Spread the love

රටේ පාලකයන්ට බිය වි සිටි යුගය අවසන් කර රටේ ජනතාවට වගකියන රජයක් පිහිටුවන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

අනුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ (15) දින ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය උදෙසා තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේ පැවති රැස්විම අමතමිණි.

මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක් වු අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර දෙසියක් ගත වි ඇතත්, එම ජනතාවගේ ආර්ථික තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය, නිවාස ගැටළුව, එම ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිමට කිසිදු පාලකයෙකු මේ වන තෙක් කටයුතු කර නොමැති බවයි.

තම රජයක් යටතේ වතුකරයේ ජනතාව මේ රටේ ආර්ථිකය ඉහල දැමිමට සහ ඔවුන්ගේ ආදායම් තත්ත්වය ඉහල දැමිමට හැකි වැඩපිලිවෙලක් දියත් කරන බවත්, රටේ අනෙකුත් ජනතාවට තිබෙන අයිතිවාසිකම් වතුකරයේ ජනතාවටද ලබදිමට කටයුතු කරන බවයි අනුර කුමාර දිසානායක මහතා මෙම රැස්විමේදි කියා සිටියේ.

මේ රටේ තේ ආර්ථිකය ගොඩගැනිම සදහා වතු සමාගම් කිහිපයක් එක්ව සකස් කරන ලද ප්‍රඥප්තියක් වැවිලිකරුවන්ගේ සංගමයේ නිලධාරින් පිරිසක් විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත මෙහිදි පිලිගන්වනු ලැබුහ.