Spread the love

පාර්ලිමේන්තුව අද (23) සිට 26 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේදි අද පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති බවයි සඳහන් .

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සිවිල් නඩුවිධාන සංග්‍රහය (සංශෝධන) (දෙවැනිවර කියවීම) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන්