Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භයේ සිදුකරන කතා වලට නඩු පැවරිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

‘මන්ත්‍රීවරයෙකු සභාව තුළ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිවකුට නඩු පැවරිය නොහැකි බව පැහැදිලියි’ යයි කතානායක වරයා පැවසීය. කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීමේ නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් දීමට අධිකරණයට ඉඩ දිය යුතු යයිද ඔහු පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයකට අධිකරණයේ පවරා ඇති නඩුව පිළිබඳව විපක්ෂ නායකවරයා එසේ කතානායකවරයාගෙන් විමසා සිටියේය.