Spread the love

ඉදිරි දින කිහිපය තුළ බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට උත්සාහ කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන මහතා පැවසීය.

තිරිගු පිටි ආනයනය කරන සමාගම් දෙක සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.

ඒ අනුව බේකරි නිෂ්පානවල මිල ගණන් රුපියල් 10කින් අඩු කිරීමට අවධානය යොමුව තිබේ.

තිරිඟු පිටි මිළ අඩුකරහොත් අනීවරයෙන්ම බේකරි නිෂ්පාදන මිල අඩුකරන බව පැවසීය.

පාරිභෝගික ජනතාවට දැනෙන මිළකින් බේකරි නිෂ්පාදන මිළ අඩුකර යුතු බව වැඩිදුරටත් පැවසීය.