Spread the love

පානදුර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අද දහවල් හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි වියේ පසුවූ සිසුවෙකි.

එම පාසල් සිසුවා මිතුරන් පිරිසක් සමඟ ක්‍රීඩා කරමින් සිටියදී රෝගීව ඇදවැටීම හේතුවෙන් කඩිනමින් රෝහල්ගතකිරීමට පියවර ගෙන ඇත.

රෝහල්ගතකර ඇති සිසුවා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇති පාසල් දරුවා රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිට ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද දහවල් සිදුකිරීමට නියමිතව තිබූ අතර පානදුර පිංවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.