Spread the love

දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක යුක්ති මෙහෙයුමට සමගාමීව 2024.03.19 දින සිට පාතාල මර්දනය සදහා විශේෂ කණ්ඩායම් 20 ක් පිහිටුවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කටයුතු කර ඇත.

මෙම අලුතින් පිහිටුවන කණ්ඩායම් 20 යොදවා මේවනවිට ක්‍රියාත්මක එක් එක් පාතාල කණ්ඩායම් වල ක්‍රියාකාරකම් මැඩලීම සදහා කටයුතු කරනු ලබන අතර, සෑම කණ්ඩායමක් සදහාම අපරාධ අංශ ස්ථානාධිපතිවරයෙක්, බුද්ධි නිළධාරීන් 04 ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 02 ක් ඇතුළු නිළධාරීන් 09 ක ගෙන් යුත් කණ්ඩායමක් ජීප් රථයක් සමග අනුයුක්ත කර ඇත.

පසුගිය සති කිහිපය තුළ බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුවු පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් පොලිස් මුලස්ථානය සදහන් කර ඇත.