Spread the love

රුපියල් ලක්ෂ තුනක මුදලකට මිනිස් ඝාතනයක් කරන ලද හමුදාවේ කෝප්‍රවරයෙකු හා හමුදා සේවයෙන් පැනගිය දෙදෙනකු ඇතුළු පස්දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හමුදා සෙබලා මඩකලපුව ප්‍රදේශයේ හමුදා කඳවුරක රාජකාරී කරන අතර නිවාඩුවක් ලබාගෙන රාගම ප්‍රදේශයට පැමිණ මෙම ඝාතනය සිදුකර ඇත්තේ පාතාලයෙන් ලද කොන්ත්‍රාත්තුවක් මතයි.

ඩුබායි සැඟවී සිටින පාතාල කල්ලි නායකයෙකු විසින් මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙනුයේ මීට පෙරද මේ ආකාරයේ ඝාතනයන් සඳහා සම්බන්ධ වූ බවය.