Spread the love

ව්‍යාජ කෘතිම බිත්තර සංසරණය වීම පිලිබඳ කතාව සාවද්‍ය බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. එම ආයතනය පවසන්නේ බිත්තර පරිභෝජනයට බියක් ඇති නොකර ගන්නා ලෙසටයි.

ව්‍යාජ ප්ලාස්ටික් සහල් ඇති බවට පැතිර ගිය ප්‍රචාර හා සමානව මෙම සාවද්‍ය පුවත ප්‍රචාරය වන බැවින් එයට හසුනොවන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය කියා සිටිනවා. ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ කෘතිම බිත්තර විකිණිමට මෙන්ම ආහාර සඳහා යොදා ගැනීමට ද හැකියාව නැති බවයි. එමඅධිකාරිය වැඩිදුරටත් පවසන්නේ මෙවැනි අකටයුත්තක් සිදු වුවහොත් 1977 දූරකථන අංකයට පැමිණිලි කරන ලෙසයි.