Spread the love

රහාරක ඩ්‍රෝනයානාවක් රුසියාවේ මොස්කව් ප්‍රදේශයේදී අනතුරට ලක්වී කඩා වැටී තිබේ.

රුසියාව පවසන්නේ මොස්කව් හි යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙම ඩ්‍රෝනයානාව යොමු කර ඇති බවය.

මොස්කව් නගරයට කිලෝමීටර් 100 පමණ දුරින් එම ඩ්‍රෝනයානාව කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙමගින් කිසිවෙකුට අනතුරක් සිදුවී නොමැති අතර ප්‍රහාරය එල්ල කළ බවට නැගෙන චෝදන යුක්‍රේනය ප්‍රතික්ෂේප කර තිබේ.

රුසියාව පවසන්නේ මෙසේ කඩා වැටී ඇත්තේ යූ. ජේ. 22 නැමති යුක්‍රේනයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානාවක් බවය.