නිමල් රාජපක්ෂ-
මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල ප්‍රවාහන වෛද්‍ය ආයතන වල නිලධාරීන් හා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් ඊයේ (07)නිරීක්ෂණය චාරිකාවක නිරත විය.
එහිදී මාර්ග අනතුරු වැළැක්වීමෙහි ලා රියදුරන් සතු වගකීම් සහ ඒ සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් ඉටුකරනු ලබන කාර්යය භාරය පිළිබඳ පැහැදිලි කිරීමක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙ සභාපතිනිය වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ විසින් සිදු කරන ලදී.
තව ද මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සදහා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පිලිබදව පැහැදිලි කිරීමක් ද මෙහිදී සිදු කරන ලදී.