Spread the love

නිමල් රාජපක්ෂ-

ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන්ට අතිශය සෘජුවම බලපානු ලබන විෂයයන් 4කට අදාල ප්‍රබල ආයනයන් රැසක් ක්‍රියාත්මක වන ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ කටයුතු ක්‍රමානුකූලව ඩිජිටල්කරණයට යොමු කිරීමට තීරණය කර ඇතැයි රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රතායක මහතා පවසයි.

අදාල ක්‍රියාවලිය සදහා විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි. ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රතායක මහතා, වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතවක්කු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න,ඩිජිටල් ආර්ථිකය පිලිබඳ ජනාධිපති අපදේශක හාන්ස් ⁣විජේසූරිය යන මහත්වරු ඇතුලු අමාත්‍යංශ නිලධාරීන් රැසක් මෙයට සහභාගී විය.

අමාත්‍යංශයට අදාල ආයතන වල දැනට පවතින ඩිජිටල් භාවිතය පිලිබඳ තත්වය ද එහි ගැටලු ද අවශ්‍යතාවයන් ද වෙන වෙනම සළකා බැලූ මෙම සාකච්ඡාවේ දී ඩ්ජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපරිම සහය ලබාදෙන බව ප්‍රකාශ විය.
එමෙන් ම
අයවැයට අදාළ සංවර්ධන කටයුතු සියල්ල ද එම සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සදහා ද ඩිජිටල්කරණය යොදා ගැනීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදෙස් ලබාදුනි.
තව ද ඩ්ජිටල්කරණයේ අවශ්‍යතාවය, දත්ත ගබඩා කිරීමේ වැදගත්කම හා එය කරන ආකාරය, කාර්යක්ෂම බව, තිරසාර බව, ඇප් ගණනාවක් වෙනුවට එක ම ඇප් එකක් මගින් සියලුම කටයුතු කිරිමේ අවශ්‍යතාවය හා වැදගත්කම ද යනාදී වශයෙන් අතිශය වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් වටිනා සාකච්ඡාවක් වූ මෙය ජනතා සේවය කාර්යක්ෂම කිරීමේ ආරම්භය බව පැහැදිලි ය.