Spread the love

එටට අවශ්‍ය සෝබනය, සැනකෙළිය, රඟපෑම නම් එයට සමඟි ජන බලවේගය සුදුසු නොවන බවත් රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සහ වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩඒමට අවශ්‍ය ඉනිමඟ ලබාදීමට සමගි ජන බලවේග රජයක් තුළින් හැකිවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

2019 ජනාධිපතිවරණයේදී සද්ධන්ත වීරයෙක් අවශ්‍ය වූ නමුත් පත් කරගත්තේ රට බංකොළොත් කළ කාඩ්බොඩ් වීරයෙක් බවත්, 2024 ජනාධිපතිවරණයටද කයිය ගසන කාඩ්බෝඩ් වීරයින් ටික දෙනෙක් ඉදිරිපත් වී ඇති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.