Spread the love

මස්කෙළිය ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවී ආපසු කොළඹ බලා ගමන් කරමින් සිටි මෝටර් රථයක් නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන කාසල්රී ජලාශය අසළට පෙරලී යාමෙන් එක් අයකු පමණක් සුළු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි නෝර්වුඩි පොලිසිය පවසයි.


අනතුර සිදුවි ඇත්තේ ඊ යේ පස්වරුවේයි..ඉදිරියෙන් පැමිණි බස් රථයකට ඉඩදීමට යාමේදි මෝටර් රථය අඩි දෙසියයක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුරු සිදුවි තිබේ මෝටර් රථයේ කුඩා දරුවකු ඇතුළු සිව් දෙනකු සිටි අතර ආරක්ෂක බද පටි පැලද සිටීමෙන් එක් අයකු පමණක් තුවාල ලබා තිබේ.