Spread the love

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව මොඩලයකට යාමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවූ බවද, ආණ්ඩුව අනුගමනය කරන්නේ ප්‍රයෝගික මොඩලයක් බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. පාසල් හැරයන, පාසල් අධ්‍යාපනයෙන් හැලෙන සෑම දරුවෙකුටම වෘත්තීය පුහුණුව දෙන වැඩපිළිවෙළක් මේ වසරේ ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය. සභාග ආණ්ඩු දේශපාලනයේ පාර්ලිමේන්තු ක්‍රමය අනුගමනය කිරිම්මේදී ප්‍රවේශමෙන් තීරණ ගතයුතු බවත්, මන්ත්‍රීවරුන් සහ රටවැසියාගේ බලාපොරොත්තු මෙන්ම රට මුහුණ දෙන තත්ත්වය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ, නව වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා කළ කතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කල්තැබීමේ විවාදයට එක්වෙමිනි.