Spread the love


නිමල් රාජපක්ෂ-

පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වු කාර්යාල සීඝ්‍රගාමී දුම්රියයක් අද පෙරවරු 6.30 පමණ අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේදි කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදතාවයක් ඇතිවීය.
කාර්මික දෝෂය ලක්වු දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානට තල්ලුකර ගාල් කිරිමෙන් පසු දුම්රිය ධාවනය කිරීමට පියවර ගත් බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කාර්යාල බලා ගමන් ගන්නා මගීන්හට නියමිත වේලාවට සිය සේවා ස්ථාන කාර ගමන් කිරිමේ අපහසුතාවයක් ඇතිවිය.