Spread the love


නිමල් රාජපක්ෂ-

කිසියම් කල්ලියක් නොයෙක් ආකාරයේ අපරාධ සිදු කරමින් මිය යන අයගේ මල සිරුරුප්‍රධාන දුම්රිය මාර්ගයේ තැබීමට පටන් ගෙන ඇති බැවින් අළුයම් කාලයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි
ඒ අනුව අද(28) පෙරවරුවේ වේයන්ගොඩ වදුරඹ අතර දුම්රිය මාර්ගයේ මිය ගිය අයකුගේ මලසිරුරක් තිබීම හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබේ. .
ඊයේ(27) පෙරවරුවේද මිරීගම හා විජය රජදහන අතර මියගිය අයකුගේ මලසිරුරක් දුම්රිය මාර්ගයේ තිබු බවද දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
අදාල බලධාරීන් දැණුවත් කොට මලසිරුරු ඉවත් කිරිමෙන් පසු දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයිද පවසයි.