Spread the love

රට හරහා ගමන් කරන බාහිර වායු ධාරා හේතුවෙන් ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

විශේෂයෙන්ම කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවය අඩුවී ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර සඳහන් කරන්නේ.

දිවයින හරහා ගලායන සුළං ධාරා සමග පැමිණෙන නොයෙකුත් ආකාරයේ වායු දුෂණකාරක වාතයේ ගුණාත්මකභාවය අඩුවීමට බලපා ඇති බව ඔහු පැවසුවේ.

මෙම තත්ත්වය නිසා සෞඛ්‍ය අවදානම අවම බවත්, කෙසේ වුවත් පෙනහළු ආශ්‍රිතව රෝග තත්ත්වයන් ඇති සහ ඇදුම වැනි රෝග ඇති පුද්ගලයින් ප්‍රවේශම් විය යුතු බවත්, වායුගෝලයේ තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් ඔහු ඉල්ලා සිටි..